Monday, May 6, 2024

General line - 0115112241

"අගමැති - විපක්ෂනායක හමුවේ" සාකච්ඡා වූ කරුණු බන්දුල කියයි

මහේෂ් චතුරංග




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද (03) පෙරවරුවේ පැවැත්වුණා.

ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ "පාස්කු ප්‍රහාරයෙන් පසු අර්බුදවලට ලක්ව ඇති ජනතාවට සහන පැකේජයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා . එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ  පාර්ලිමේන්තුවේදී එම ලබාදෙන සහනයන් පිළිබඳ දැනුවත් කරන්න කටයුතු කරන බවයි. " යනුවෙන් සඳහන් කළා. 

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්තී‍්‍රවරුන් පිරිසක් ද සහභාගී වුණා. එමෙන්ම මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් ද ඊට සහභාගී වී සිටියා.