Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අන්තවාදී වීම වැළැක්වීමේ වැඩපිළිවෙලක්




ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අන්තවාදී වීම වැළැක්වීමේ අරමුණින් ඊයේ (03) ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය තාරුණ්‍යයේ අදහස් විමසීමේ පළමු අඬහැරය ජාතික තරුණ සේවා සභාවේ දී ආරම්භ කර තිබුණා.

පවතින ජාතිවාදී ගැටලුව සඳහා තරුණ තරුණියන්ගේ අදහස් විමසීම මෙන්ම ඒ සඳහා ප්‍රායෝගික පිළිතුරක් සෙවීමේ අරමුණින් පැවැත්වුණු මෙම වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ශෙහාන් කෝශිල කන්නන්ගර, හිටපු ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලන ලේකම්වරු, තරුණ සංවිධාන යොවුන් පාර්ලිමේන්තුව, විශ්ව විද්‍යාල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන තරුණ නායකයින්ගේ මෙන්ම ශ්‍රි ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

මේ සඳහා බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී සියලුම ආගම් නියෝජනය කරමින් තරුණ නායකයින් පවතින ගැටලූව පිළිබඳව ඔවුන් ඔවුන්ගේ අදහස් සාකච්ඡා කිරීම සිදුකළා. මේ සාකච්ඡාව එකම රටක් එකම සමාජයක් එකම ශ්‍රී ලාංකික සංස්කෘතියක් නීතියත් ජාතියක් යන කරුණු ඔස්සේ මීළඟ පියවර වශයෙන් සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එහි දිස්ත්‍රික්කයන්හි දී තරුණ තරුණියන්ගේ අදහස් විමසීම මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය තාරුණ්‍යය එක් ස්ථානයකට කැඳවා ගෙන එමින් රටේ පවතින මෙම ගැටලුව සඳහා සමස්ත ශ්‍රී ලාංකීය තරුණ පිළිතුරක් ලබා ගැනීම වෙනුවෙන් මහා තරුණ සමුළුවක අවශ්‍යතාවය සාකච්ඡා කර තිබෙනවා.