Sunday, May 5, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහිව පෙත්සමක් අත්සන් කෙරේ

හර්ෂිකා සංජීවනී/දිල්ශාන් තුෂාර/කාංචන ආරියදාස




සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාරදීමට තීරණය කර තිබෙනවා. ඒ, කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය විසින්.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉන්දික රත්නායක කියා සිටියේ "රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය එකතු වී මෙම පෙත්සම අත්සන් කරනවා. රෝගීන් අපහසුතාවයකට පත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයා මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සහ කරනවා." යනුවෙනි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාවක් ඊයේ අමාත්‍යාංශ ලේකම්වරිය වෙත භාරදුන්නද එය පිළිනොගන්නා බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතිනවා. කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැවසුවේ අද පෙරවරුවේද මව්වරුන් 21 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළ බවයි. ඒ අනුව මේ වනවිට කුරුණෑගල රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 582 ක්. දඹුල්ල මූලික රෝහල වෙතද අද පෙරවරුවේ පැමිණිලි 9 ක් ලැබී තිබුණා. ඒ අනුව දඹුල්ල පොලීසිය සහ රෝහල වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 92 ක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව බදුල්ල මහ රෝහල වෙතද ඉකුත්දා පැමිණිලි 2 ක් ඉදිරිපත් වී තිබුණා.