Sunday, May 5, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනිද්දා කැඳවේ

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට බලපෑම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සහ තවත් ඉල්ලීම් රැසක්  ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි මස 6 දා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.

මෙම පෙත්සම විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙහිදි ඉල්ලා සිටියේ. මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක්.