Sunday, May 5, 2024

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නැහැ : ජනාධිපති කියයි

දිනුක් හේවාවිතාරණ




තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය එක්සත් ජනතා පෙරමුණ වශයෙන් නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී කියා ඇති අතර අවශ්‍ය නම් තමන් එම අපේක්ෂයාට සහය ලබාදීමට සුදානම් බවත් නැත්නම් මැතිවරණයේදී ස්වාධීනව සිටීම තම අදහස බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

වීරකේසරි දමිල පුවත්පත අද (05) මේ බව වාර්තා කර තිබෙනවා.