Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුවේ අදෘශ්‍යමාන බලවේගයක් ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කරයි




මුස්ලිම් මැති ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ ආණ්ඩුවේ අදෘශ්‍යමාන බලවේගයක නියෝගයක් අනුව බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (04) කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළා. 

මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ අද කැඳවු මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා.

ඊට එක් වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර ප‍්‍රකාශ කළේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට ආණ්ඩුවේ සෙසු මුස්ලිම් මැති ඇමතිවරුන් සහයෝගය දැක් වීමෙන් පෙනී යන්නේ ඔවුන් ද ඉස්ලාම් අන්තවාදයට පන පොවන බවයි යනුවෙනි. 

ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ ද අද කොළඹදී අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ "මෙතනදී මුස්ලිම් මැතිඇමතිවරු බැලුවේ දේශපාලන කෝණයකින්. මේක මනාප පිළිබඳ ප්‍රශ්නයක්." යනුවෙනි.