Sunday, May 5, 2024

General line - 0115112241

රට සුරක්ෂිත බවට ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

සජිත් තිලකරත්න




රට තුළ යළි ත්‍රස්ත අවධානමක් මතු නොවීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා මේ වෙන විට ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවට. ඒක ජයග්‍රහණයක්. අඩුපාඩු තිබ්බා, ඒ නිසයි මේ ජිවිත සංඛ්‍යාවක් නැති උනේ. ඉදිරියේදී  දේවල් නොවෙන්න අපි කටයුතු කරනවා. රටේ සියලුම මුස්ලිම් ගෙවල් සෝදිසියට ලක්කලා. මෙය ඕනෑම මොහොතක යලි ඇති වීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ ගැන අවධානයෙන් සිටිය යුතුයි, අමාත්‍යවරයා කියා සිටියා.

මේ එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක අමාත්‍යවරයා. 

තව්හිත් ජමාත් සංවිධානය නිෂ්ක්‍රිය කිරීමට මුස්ලිම් ජනතාව විශාල උප්කාරිත්වයක් දැක්වුවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ගොඩක් රටවල් අපේ රටට එරෙහිව සංචාරක නිවේදනයක් නිකුත් කළා. දැන් එම නිවේදනය ඒ රටවල් ඉවත් කරන්න කටයුතු කරමින් සිටිනවා. 1983 වර්ෂයේදී ඇතිවූ දමිල ප්‍රශ්නයේදී එවකට සිටිය දේශපාලන බල අධිකාරිය වැරදි  තීරණයක් ගත්ත නිසා තත්ත්වය විශාල පරිවර්තනයකට ලක්වුනා. එහිදී අමිර්තලිංගම් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න අනෙක් දේශපාලකයින් කටයුතු කළා. ඒ දේ යලිත් ඇතිවෙන්න දෙන්න හොද නැහැ යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.