Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට 




රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව  විසින් ස්ථාපිත ‘ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට  වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’විසින් මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකසා සභාගත කරන ලද නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීම අරමුණු කොටගත් විශේෂ රැස්වීමක් අද (04) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හි දී පැවැත්වුණා.

අද දින රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති කථානායක  කරු ජයසූරිය මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ  සභික මන්ත්‍රීවරුන්ගේ නියෝජනය  සහිතව පැවැත්වුණා. 

විශේෂයෙන් මේ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශ භාර අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ ප්‍රධාන නිලධාරීහුද එක්ව සිටියා.

එහිදී ජාතික වැදගත්කමකින් යුත් ප්‍රතිපත්ති සැකසීමේදී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට පැමිණ ඇති බවත් තිරසාර සාමයකට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් දිගුකාලීන වැඩ පිළිවෙලක් දියත් කෙරෙන බවත් පෙන්වා දුන්නා.