Sunday, May 5, 2024

General line - 0115112241

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් සුපුරුදු ආසනවල - පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

සමන්ත කුමාර




ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් පසුපෙළ මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කරන බව පැවසුවද ඔවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ සුපුරුදු ආසනවල අසුන් ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අද (04) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මතුකළ ප‍්‍රශ්නයකට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු ලබාදුන්නා.

එහිදී "ඒ අය පක්ෂ නායකයෝ. පක්ෂ නායකයෙක් නිසානේ ඉන්නේ. " යනුවෙන් සඳහන් කළා.

මේ අතර අමාත්‍ය මංගල සමරවීර සිය ටිව්ටර් ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මතු කළ ප‍්‍රශ්නයකටද සභානායකවරයා ප‍්‍රතිචාර දැක්වුවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එහිදී අදහස් පළකළා. 

එහිදී "සාක්ෂි කරුවන් වශයෙන් බුද්ධි අංශයේ නිලධාරීන් ගෙන්වීම තුළ වෙන්නේ ඒ නිලධාරීන්ව හෙළිදරව් වෙලා.. ඊට පස්සේ ඔවුන්ට ජීවිත ආරක්ෂාව ලබා දෙන්න සිදුවේවි. මේ තත්ත්වෙට ඇති කරන්න එපා." යනුවෙන් සඳහන් කෙරුණා.