Sunday, May 5, 2024

General line - 0115112241

ජනමාධ්‍ය කැබිනට් ඇමතිධුරය හා නිතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය එක්සත් ජාතික පක්ෂයට

දිනුක් හේවාවිතාරණ




ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධුරය සහ  නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) රාත්‍රියේදී පැවති විශේෂ සාකච්ජාවකදී මේ පිලිබදව ජනාධිපතිවරයා සිය එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

ජනමාධ්‍ය කැබිනට් ඇමතිධුරය සහ නිතිය හා සාමය රාජ්‍ය අමාත්‍යධුරයන් එක්සත් ජාතික පක්ෂයට ලබාදීම ගැටළුවක් නොවන බව මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.