Sunday, May 5, 2024

General line - 0115112241

සුළි කුණාටු සඳහා නම් යෝජනා කරන්නැයි කාළගුණයෙන් ඉල්ලීමක්




උතුරු ඉන්දීය සාගර කළාපයේ හට ගන්නා සුළි කුණාටු සඳහා නම් යෙදීමට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නම් යෝජනා කැදවා තිබෙනවා. ඒ සඳහා  නම් යෝජනා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

නම් යෝජනා කිරීමේදී උච්චාරණය පහසු වියයුතු අතර එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිම අකුරු 8 කට  සීමා විය යුතුයි. අදාල නම් යෝජනා ජුනි 15 වනදාට පෙර සිය දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.