Sunday, May 5, 2024

General line - 0115112241

"ඉල්ලා අස්වීම් සම්බන්ධයෙන් සිදුකරන ප‍්‍රකාශ පිළිගත නොහැකියි"

සමන්ත කුමාර




ආරක්‍ෂක අංශ සිදුකරන පරීක්‍ෂණවලට සහාය දීමක් ලෙස අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බවට මුස්ලිම් මන්තී‍්‍රවරුන් සිදුකරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

ඔවුන් පරීක්‍ෂණවලට සහායවීමක් ලෙස ඉල්ලා අස්වූයේ නම් අදාළ අමාත්‍යාංශවලට ඔවුන් විසින් පත් කර ඇති නිලධාරීන්ද ඉල්ලා අස්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා කියාසිටියේ.

ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු තේ පර්යේෂණ මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

(එම තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වේ.)