Sunday, May 5, 2024

General line - 0115112241

කාර් රථයක් තුළ මිය ගිය පුද්ගලයෙක් 




මාර්ගයක් අයිනේ නවතා තිබූ කාර් රථයක රියදුර අසුනේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

අතුරුගිරිය පොලිස් වසමේ සංදෝරිස් ජයන්ති මාවතේ ස්ථානයක අද  (05) අලුයම 2.15ට පමණ මෙම කාර් රථය නිරීක්ෂණය වී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 48ක් වූ අංක 253/1/ඒ, කහංතොට පාර මාලඹේ ලිපිනයේ පදිංචි මොහොට්ටි ආරච්චිලාගේ රාහුල ජයසම්පත් නැමැති අයෙක් බවට අනාවරණය කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.