Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති කියූ දේ අසාද් සාලි හෙළිකරයි

දිල්ශාන් තුෂාර




තමන් ඉල්ලා අස්වුණේ ජාතික සමගිය ආරක්‍ෂා කිරීම සඳහා බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.

නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමකදී ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

එහිදී "අපි මුස්ලිම් ජනතාව විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ..නමුත් මුස්ලිම් ජනතාව දැන් පීඩාවට පත්වෙලා ඉන්න නිසා. අහිංසක දුගී දුප්පත් මිනිස්සු අරගෙන ඇතුළේ තියාගෙන ඉන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඒක ජනාධිපතිතුමා දන්නැතුව නෙමෙයිනේ. අගමැතිතුමා දන්නවා. අඹ ඇටයක් තරම්වත් වරදක් කරලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාව නිදහස් කරන්න කියන්නේ නෑ අපි. ජනාධිපතිතුමා පැහැදිළිව කිව්වා.. අපිට 'ඉල්ලා අස්වෙන්න කියන්නෙත් නෑ..මං අස් කරන්නෙත් නෑ කියලා.' කිව්වා. අපිට යුතුකමක් තියෙනවා.. ජාතික සමගිය උදෙසා..සාමකාමීව ජීවත් වෙන්න කැමති 90%ක් සියලු ජාතිවල ජනතාව වෙනුවෙන් තමයි අපි මේ කැපවීම කළේ.  " යනුවෙන්ද සඳහන් කළා.

ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වුණේ එල්ල වූ චෝදනා පිළිගන්නා නිසා දැයි නෙත් නිවුස් මෙහිදී ඔහුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කළා.