Monday, May 6, 2024

General line - 0115112241

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 200 ක් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම්




දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 200 ක් මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියවේ  සමාගමකින්. ඒ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8.18 ක්.

ඒ අනුව දුම්රිය සේවයට අවශ්‍ය සීනු සහ ආලෝක සංඥා සහිත හරස් මාර්ග ආරක්ෂණ පද්ධති මිලදී ගැනීමට නියමිතයි.

ඉකුත් සමයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ආශි‍්‍රතව අනතුරු රැසක් වාර්තා වුණා. 

මේ අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල අන්තර් හුවමාරුවේ දකුණු දෙසට දිවෙන රථ වාහන සදහා ඇතුළු වීමේ හා පිටවීමේ අතිරේක මංතීරු ඉදි කිරීමට ද කැබිනට්  මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.