Monday, May 6, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ඕස්ටේ‍්‍රලියා - පකිස්තාන තරගය ඇරඹෙයි

සමීර ගොඩපිටිය/තරංග රුක්ෂාන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්තානය අතර තරගය දැන් පැවැත්වෙනවා.

ඒ එංගලන්තයේ කවුන්ටි ග‍්‍රව්න්ඞ් කී‍්‍රඩංගණයේදීයි. කාසිය වාසිය දිනූ පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට  ඕස්ටේ‍්‍රලියාවට ආරාධනා කළා.

අද තරගයට කණ්ඩායම් දෙකම එක්වන්නේ වෙනස්කම් දෙකක් සහිතවයි. ඒ අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා වෙනුවට නේතන් ලයන් අද තරගයට කැදවා තිබෙනවා.

පකිස්තානයද අද තරගයට එක්වන්නේ එක් වෙනස්කමක් සමගින්.

ඒ අනුව ශඩාබ් ඛාන් වෙනුවට ශහීන් අෆ්රීඩි කණ්ඩායමට කැදවා තිබෙනවා.  

ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ  ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්තානය අවස්ථා 9කදී එකිනෙකා හමුවී තිබෙනවා.

එයින් තරග 5ක ජය  ඕස්ටේ‍්‍රලියාව සතු වෙද්දි, පකිස්තානයට ජය ගැනීමට හැකිව ඇත්තේ තරග 4ක් පමණයි.