Monday, April 29, 2024

General line - 0115112241

ෆින්ච් ගෙන් ශතකයක් : ලංකාවට ලකුණු 335ක ඉලක්කයක් (UPDATE)

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 334ක් රැස් කර ගනු ලැබුවා. තරගය පැවැත්වෙන්නේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගනයේදී.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ නායක ඇරන් ෆින්ච් පන්දු 132කදී ලකුණු 153ක් රැස් කර ගනු ලැබුවේ හතරේ පහරවල් 15ක් සහ හයේ පහරවල් 5ක් ද එල්ල කරමින්ය. ස්ටීව් ස්මිත් ලකුණු 73ක් සහ ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස් කරගනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනන්ජය ද සිල්වා ලකුණු 40 ට කඩුලු දෙකක් සහ ඉසුරු උදාන ලකුණු 57 කට කඩුලු 2ක් දවා ගනු ලැබුවා.

......................................................

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනියි

(15-06-2019 14:45)

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුනා. ඒ අනුව ශ්‍රී ලංකා පන්දුව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා. ඒ සුරංග ලක්මාල් වෙනුවට මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර අබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් අද තරගයට ක්‍රීඩා කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩයමේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් අදහස් දක්වමින් කියා සිටියේ කාසියේ වාසිය දිනා ගත්තේ නම් තමන් මුලින් පන්දු යැවීමට අදහස් කරගෙන සිටි බවයි.