Monday, April 29, 2024

General line - 0115112241

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 18දෙනෙකුට නිදහස




මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 18දෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ, නීතිපති උපදෙස් මත පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් අනුවයි.

නිදහස හිමිවූ මෙම ධීවරයින් පිරිස ආගමන විගමන නිලධාරීන් හරහා ඉන්දියාව වෙත භාර දෙන බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළා.