Monday, April 29, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට 




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුව, රබර් වත්ත ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 521ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අද (15) සමත්ව තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු පදිංචිව සිටින සිදුව, රද්දොලුගම ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 507ක්, ගංජා කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 776ක්, එක්ස්ටිස් පෙති 500ක්, පිස්තෝලයක්, උණ්ඩ 7ක්, මැගසිනයක් සහ මුදලින් රු.108,320ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 32 වියේ පසුවන කඳාන සහ සිදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.