Monday, April 29, 2024

General line - 0115112241

ගෝලීය ත්‍රස්තවාදය පරාජයට ජනපති ආසියාවේ සහය ඉල්ලයි




ආසියානු කලාපය තුළ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු දෙනා සාමූහිකව කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේදී ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ටජිකිස්තානයේදී අද පැවැති “ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව” හෙවත් “සිකා” සමුළුව අමතමින්. 

ඉදිරි සියවසේදී දුගී භාවයෙන් තොර ආසියාවක් ගොඩ නැගීමට සිකා සාමාජික රටවල් එක්ව කැපවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. 

ටජිකිස්තානයේ දුෂාන් බේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම සමුළුව සඳහා චීන ජනාධිපති සී ජින්පින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම තුර්කි සහ ඉරාන ජනාධිපතිවරුන් ද එක්වුණා.