Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කුසලාන ප්‍රසාද ලකුණු වෙනස්වීම මෙන්න

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වී සිටිනවා.

ඒ, තරග 5කදි ජයග‍්‍රහණ 4 ක් ලබා ප‍්‍රසාද ලකුණු 8 ක් හිමිකර ගනිමින්.

දෙවන සහ තුන්වන ස්ථාන තරග 3 බැගින් ජයගත් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දීය කණ්ඩායමට හිමිවී තිබෙනවා.

සත්කාරක එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණ 3 ක් වාර්තා කරමින් ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා පසුවන්නේ සිව්වන ස්ථානයේයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (17) ලද පෙරළිකාර ජයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

තරග 5 කට එක්වු ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් ජයග‍්‍රහණයක් සමගින් ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා එම සටහනේ 6 වන ස්ථානයේ පසු වනවා. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් මැන්චෙස්ටර්හිදී අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.