Thursday, May 16, 2024

General line - 0115112241

එංගලන්තය පරදා ශ්‍රී ලංකාව ලැබූ ජයට ජනපති හා අගමැතිගෙන් සුභ පැතුම්

කසුන් කැලුම්/ දිල්ෂාන් තුෂාර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජය දැඩිව කතාබහට ලක්ව තිබේ.

1999 පැවති ලෝක කුසලාන තරගාවලියෙන් පසු එංගලන්ත කණ්ඩායම සමග පැවති සෑම එක්දින තරගයක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට සමත්ව තිබෙනවා. ඊයේ තරගයේදී  ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහිදී පරාජයට පත් කළේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසු වන එංගලන්ත කණ්ඩායමයි. 

ඊයේ තරගය නැරඹීම සදහා ලීඞ්ස්හි හීඩින්ග්ලි කී‍්‍රඩාංගණයට ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්‍ෂකයින් රැසක් ද එක්ව සිටියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලද මෙම ජයග‍්‍රහණයෙන් පසු ඔවුන් කී‍්‍රඩාංගණයෙන් පිටතදි ජය සැමරුවේ මෙලෙසයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ ලද ජයග‍්‍රහණයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණා.  

එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී තරගකාරී කී‍්‍රඩා විලාශයක් පෙන්වමින් ශී‍්‍ර ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබපැතුම් එක් කරන බවයි ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත්තේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ශී‍්‍ර ලංකා කණ්ඩායම ලද මෙම ජයග‍්‍රහණයට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කර තිබුණා.