Monday, April 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි ඉරණම් තරගයේ වාසිය පාකිස්තානයට

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තීරණාත්මක තරගයේ මේ දක්වා වැඩි වාසි අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත් වී සිටිනවා. තරගයේ කාසිය වාසිය දිනාගත් පකිස්තානය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. නායකයාගේ තීරණය සාර්ථක බව පසක් කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේදී පකිස්තාන පිතිකරුවන් කඩුළු 07 කට ලකුණු 308ක් රැස් කර ගත්තා. 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හැරිස් සොහෙල් පන්දු 59 කදී හයේ පහර 3ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 89 ක්. බාබර් අසාම් ලකුණු 69ක් රැස් කළා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් ලකුණු 41 කට කඩුළු 02ක් බිඳ හෙලුවා. 

දකුණු අප්‍රිකාව සහ පකිස්තානය මෙවර තරගාවලියේදී මේ දක්වා ප්‍රසාද ලකුණු 03ක් පමණක් දිනා ගෙන සිටින බැවින් අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.