Sunday, May 5, 2024

General line - 0115112241

පාකිස්ථානයට 238ක ඉලක්කයක්




ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුනු 237ක් රැස් කළා.

එහිදී නවසීලන්තය වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු ජේම්ස් නීෂාම් නොදවී ලකුණු 97ක් රැස් කලා.

අවසාන ලෝක කුසලාන තරඟාවලි 5 තුළදී පාකිස්ථානු පන්දු යවන්නෙකු පෑ ඉහළම දස්කම වාර්තා කරමින් වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සිය පන්දුවාර 10 තුළ ලකුණු 28ක් ලබාදී කඩුලු 3ක් දවාගත්තා.