Sunday, May 5, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නෙකු ලෝක කුසලානයෙන් ඉවතට

කසුන් කැලුම්




වේග පන්දු යවන කී‍්‍රඩක කසුන් රාජිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා සංචිතයට කැදවා තිබෙනවා. ඒ, නුවන් ප‍්‍රදීප් වෙනුවටයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් නුවන් ප‍්‍රදීප් දකුණු අපි‍්‍රකාව සමග ඊයේ (28) වති තරගයට සහභාගි වූයේ නැහැ. ඔහුගේ අසනීප තත්ත්වය තවමත් සුව නොවී ඇති බැවින් ඒ වෙනුවට කසුන් රාජිත ශී‍්‍ර ලංකා සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

කසුන් රාජිත ශී‍්‍ර ලංකා සංචිතයට ආදේශ කිරීමට අවශ්‍ය අනුමැතිය සදහා, එම ඉල්ලීම ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ තාක්‍ෂණික කමිටුව වෙත යොමු කර තිබෙනවා. බොහෝ විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අනිද්දා පැවැත්වෙන තරගයට කසුන් රාජිත කි‍්‍රඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානු කණ්ඩායමට තවත් තීරණාත්මක තරගයක් ලීඞ්ස්හිදී දැන් පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා. 19 හැවිරිදි ශහීන් අෆ්රිඩි එහිදී ලකුණු 47 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාව 4ක්. ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට නම් පාකිස්තානු කණ්ඩායමට අද තරගයේ ජය ඉතා වැදගත්.