Sunday, April 28, 2024

General line - 0115112241

තීරණාත්මක තරගයේදී බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

සමන්ත කුමාර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය බර්මින්හැම් හිදී මේ වන විට පැවැත්වෙනවා. කාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 314ක් රුස් කළා. රොහිත් ෂර්මා පන්දු 92 කදී ලකුණු 104ක් රැස් කළා. එය හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගයි. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී රොහිත් ෂර්මාගේ පිත්තෙන් වාර්තා වූ 4 වන ශතකය වීම විශේෂත්වයක්.

කේ එල් රාහුල් ලකුණු 77ක් රැස් කළා. පන්දු යැවීමේදී මුස්ටෆිසුර් රහ්මාන් ලකුණු 59කට කඩුලු 4ක් දවා ගත්තා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සදහා හිමිව ඇති ඉලක්කය ලකුණු 315ක්. 

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් බංග්ලාදේශ කණ්ඩායම අනිවාර්යෙන්ම මෙම තරගය සහ ඉතිරිව ඇති අනෙත් තරගය ජයගත යුතු වනවා. ඉන්දියාව මෙම තරගය ජයගත හොත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ඇති. 

............................................

බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාව පළමුව පිත්ත අතට ගනී

(02-07-2019 15:04)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

අද තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා. ඒ අනුව මහමදුල්ලා වෙනුවට සබීර් රහ්මන් කණ්ඩායමට ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඉන්දීය කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වෙනස්කම් 02ක් සමගයි. ඒ අනුව කුල්දීප් යාදේව් සහ කේදාර් ජාදේව් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. බුවනේෂ්වර් කුමාර් සහ දිනේෂ් කාර්තික්ට කණ්ඩායමේ ස්ථාන හිමිව තිබෙනවා.