Monday, May 6, 2024

General line - 0115112241

එයාර් ලංකා - මිහින් එයාර් වාර්තාව ජනපතිට භාරදෙයි




ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව අද (02) ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ඒ, එම කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරුණ විනිසුරු අනිල් ගුණරත්න විසින්. වාර්තාව භාරදීම ජනාධිපති කාර්යාලයේදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම අවස්ථාවට එම කොමිසමේ සෙසු සාමාජිකයන්ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. 

2006 වසරේ ජනවාරි මස 1 වනදා සිට 2018 වසරේ ජනවාරි 31 කාල සීමාව තුළ අදාල සමාගම් වලට සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ ඉකුත් වසරේ ජනවාරි මස 31 වන දිනයි.