Sunday, May 5, 2024

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ 




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (02) සවස කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින, දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් රෝහල් වලට ගොස් ඔවුන්ව පරික්ෂා කර බැලීමෙන් අනතුරුවයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ නීතිඥවරුන්ට හෙට (03) දිනයේදී අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.