Sunday, May 5, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු 6 දෙනෙකුට පත්වීම් පිරිනැමේ

සමන්ත කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදු කෙරුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ඒ අනුව මොරටුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ න ව සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත්කර තිබෙනවා. රත්නපුර ආසනයේ නව සංවිධාකවරයා ලෙස පත්කර ඇත්තේ නීතිඥ ප්‍රියන්ත කරුණාතිලකයි. ගලගෙදර, බිබිල යන ආසන සඳහාත් ඇළහැර, හිගුරක්ගොඩ ඇතුළු තවත් ප්‍රාදේශිය බල ප්‍රදේශ කිහිපයක් සඳහාද නව සංවිධායකවරුන් පත් කර තිබෙනවා.