Sunday, May 5, 2024

General line - 0115112241

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ කාන්තවකගෙන් අණාවරණයක්

සමන්ත කුමාර




ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ අබ්දුල් හසන් ෆාතිමා නැමති කාන්තාවක් බොදුබල සේනා සංවිධානය අද (02)කැදවා තිබූ මාධ්‍ය හමුවකදී සංවේදී හෙළිදරව්වක් සිදු කළා. 2008 වසරේදී සිංහල පුද්ගලයෙකු සමග විවාහ වීම හේතුවෙන් තමන්ට පීඩා රැසකට මුහුණ පෑමට සිදු වූ බවයි ඇය මාධ්‍ය හමුවේ අණාවරණය කළේ. 

තමන්ට සහ සැමියාට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මාරාව පල්ලියේ මුස්ලිම් ජනතාවගෙන් දිගින් දිගටම පීඩා එල්ල වූ බවත් ඒ පිලිබද බණ්ඩාරගම පොලීසියට පැමිණිලි කළද ඒවා නිසි පරිදි විභාග නොකළ බවත් මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.