Sunday, May 5, 2024

General line - 0115112241

"යකා කියන තරම් කළු නෑ"- ආණ්ඩු පාර්ශ්වයෙන් කියයි

දිල්ශාන් තුෂාර/කමල් සුරවීර




ඇතැමුන් විවේචන එල්ල කරන සෝෆා ගිවිසුමට මෙතෙක් රජය අත්සන් කර නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත්, රටට අවාසි දායක නම් එම ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. 

එහිදී "යකා කියන තරම් කළු නෑ. අපේ රටට අපේ පුරවැසියන්ට යම්කිසි වාසියක් ලබා ගන්න පුළුවන් විදිහේ ගිවිසුම් අත්සන් කරන එකේ කිසි ගැටලුවක් නෑ. නමුත් අපි ප්‍රවේසම් වෙන්න ඕනේ රටට හානි නොවන විදිහට වගබලා ගන්න. " යනුවෙන් ද සඳහන් කළා.

රටවල් ගණනාවක් අමෙරිකාව සමග සෝෆා වැනි ගිවිසුම්වලට එළඹ ඇති බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.  

මේ අතර කතාබහට ලක්ව ඇති සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහනුවරදී අදහස් පළ කරමින් සඳහන් කළේ "මෙම ඇමරිකාව සමග අත්සන් කිරීමට තිබෙන ගිවිසුමේ මූලික හරය..අපේ රටත් ජනතාවත් මුලුමනින්ම අමෙරිකා එක්සත් ජනපදයට උවමනා පරිදි හැසිරවීම. හිතුවක්කාරී ලෙස මේ රටේ ගිවිසුම් අත්සන් කරනවා නම් එය අත්සන් කරන්නට ඉඩ නොදෙන බවට මේ රටේ ජනතාවට අපි සහතිකයක් දෙනවා." යනුවෙනි.