Monday, May 6, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා 61 දෙනෙක් පිටත්ව යයි

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ තවත් නිලධාරීන් පිරිසක් දකුණු සුඩානය බලා අද (03) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ පිළිබද අදහස් දක්වන යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ "එක්සත් ජාතීන්ගේ රාජකාරී සඳහා ශ්‍රී ලංකා නිලධාරීන් සහ බට පිරිස් අද අලුයම 3.00ට පමණ පිටත් වුණා. 61 දෙනෙක් අද එම රාජකාරී සඳහා පිටත් වුණා. ඉන් 11ක් නිලධාරීන්. අනෙක් අය වෛද්‍ය සහයකයින්. ඔවුන් යන්නෙ එහි යුද හමුදා රෝහලේ රාජකාරී සඳහායි."  යනුවෙනි.

අද පිටත්ව ගිය නිලධාරී කණ්ඩායම වසරක කාලයක් සදහා දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීවල නිරත වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.