Monday, May 6, 2024

General line - 0115112241

මුස්ලිම් කාන්තාවකට හිරිහැර වූ සිද්ධියට බණ්ඩාරගම පොලිසිය ගැන විමර්ශනයක්

තරංග රුක්ෂාන් ජයසේකර/මහේෂ් චතුරංග




බණ්ඩාරගම ප‍්‍රදේශයේදී මුස්ලිම් ජාතික කාන්තාවකට හිරිහැර කළ බව කියන සිද්ධියට අදාළව බණ්ඩාරගම පොලිසිය ක‍්‍රියා කළ ආකාරය පිළිබද සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින්. බොදුබල සේනා සංවිධානය කැදවූ මාධ්‍ය හමුවකට ඊයේ එක්වෙමින් අදාළ කාන්තාව පැවසුවේ සිංහල ජාතිකයෙකු සමග විවාහවීම හේතුවෙන් තමන්ට ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් විවිධ හිරිහැර සිදු වූ බවයි.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට අවස්ථා කිහිපයක දී පැමිණිලි කළද කිසිදු පියවරක් නොගත් බවටයි ඇය චෝදනා කළේ. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සදහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය බණ්ඩාරගම ප‍්‍රදේශයට ද ගොස් තිබෙනවා. මේ, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර. 
 

ලබන 05වනදා සිට මාසයක කාලයක් දිවයින පුරාම ක‍්‍රියාත්මක වන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් මාලවක් සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
 

මේ අතර බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට ද පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.