Monday, May 6, 2024

General line - 0115112241

රාහුල් ගාන්ධි කොංග‍්‍රස් නායකත්වයෙන් ඉවත් වෙයි

තරංග රුක්ෂාන්




ඉන්දීයාවේ ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ලද දැවැන්ත පරාජයේ වගකීම භාර ගනිමින්. ඉකුත් මැයි මාසයේ පැවති ඉන්දීය මහ මැතිවරණය අවසන් වූ විගස රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළා.

එහෙත් පක්ෂයේ නායකයින් උත්සහ කළේ ඔහු තවදුරටත් පක්ෂ නායකත්වයේ තබා ගැනීමටයි. 

කෙසේවෙතත් රාහුල් ගාන්ධි කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වූ බවට වන ලිපිය සිය නිල ට්වීටර් ගිණුමේ අද පළ කර තිබුණා.

එහි දැක්වෙන්නේ කොංග‍්‍රස් පක්ෂය වෙනුවෙන් සේවය කිරීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවයි. 2017 වසරේදී පක්ෂයේ නායකත්වය පත්වූ රාහුල් ගාන්ධිගේ කොංග‍්‍රසය ප‍්‍රමුඛ සන්ධානයට මෙවර මැතිවරණයේදී දිනාගත හැකි වූයේ පාර්ලිමේන්තුවේ ආසන 543න් ආසන 52ක් පමණයි.