Sunday, May 5, 2024

General line - 0115112241

පාසලේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ සෙබලා බූස්සට




අක්මීමන මානවිල් ප්‍රදේශයේ උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී ඊයේ (04) දහවල් 12.05ට සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එහි රාජකාරී නියුතු යුධ හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන අද (05) දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බූස්ස 581 වන බලසේනා මූලස්ථානාධිපති වෙත භාර දී තිබෙනවා.

මේ සම්බන්ධව හදිසි අවස්ථා රෙගුලාසි අනුව ක්‍රියා කරන බැවින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් මෙසේ රඳවා තැබීමට ක්‍රියා කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අධිකරණය පොලිසියට උපදෙස් දී  ඇත්තේ වහාම නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.  මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙනවා.