Sunday, May 5, 2024

General line - 0115112241

පර්පචුවෙල් කටයුතු අත්හිටුවීමේ තීරණය තවත් දීර්ඝ කරයි

සමන්ත කුමාර




පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ කි‍්‍රයාකාරකම් අත්හිටුවීමේ තීරණය මාස 6 කින් දීර්ඝ කිරීමට ශී‍්‍ර ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි එම තීරණය කි‍්‍රයාත්මක වන බවයි ශී‍්‍ර ලංකා මහබැංකුව සඳහන් කළේ.

ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහබැංකුව කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවද ශී‍්‍ර ලංකා මහබැංකුව සඳහන් කළා.