Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයේ ජනපති අපේක්ෂකත්වය සජිත්ට දෙන්න පසුපෙළින් සහය

ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කල යුත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස බවට අමාත්‍ය මංගල සමරවීර සිදුකල ප‍්‍රකාශය තමන්ද අනුමත කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් පවසනවා. නෙත් නිවුස් කල කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා  මේ බව කියා සිිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අමාත්‍ය පී හැරිසන් ද අදහස් පළ කළා. ඒ, ගාල්ලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.