Thursday, May 9, 2024

General line - 0115112241

බලාපොරොත්තු බිඳවැටුණු ශ්‍රී ලංකා පිළ තෙවන තැන රැක ගන්න තරග වදී

කසුන් කැළුම්




මෙවර ආසියානු යොවුන් දැල් පන්දු ශුරතා තරගාවලිය පිිළිබඳ ශ‍්‍රි ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ (06) බිඳ වැටුණා.

ඒ, අවසන් පූර්ව තරගයේදී මැලේසියාව හමුවේ ලකුණු 72ට 54ක් ලෙස පරාජයට පත්වීමත් සමගයි.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සිංගප්පූරුව හා මැලේසියාව සුදුසුකම් ලබා ගත්තා. ආසියානු යොවුන් දැල් පන්දු ශුරතා තරගාවලියේ 03 වන ස්ථානය සඳහා ශ‍්‍රී ලංකාව සහ හොංකොං රාජ්‍යය තරග වැදීමට නියමිතයි. මෙවර තරගාවලිය ජපානයේදී පැවැත්වෙනවා.