Monday, May 6, 2024

General line - 0115112241

නවසීලන්ත පන්දු බලඇණිය හමුවේ ඉන්දීය මුල්පෙල අසරණ වෙති

ඩිල්ෂාන් මඩවල




වර්ෂාව නිසා ඊයේ අතරමග නතර කෙරුණු ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද යළි ආරම්භ වුණා.

ඊයේ තරගය නතර කරන විට කඩුලූ 5ක් දැවී ලකුණු 211ක් ලබාසිටි නවසීලන්තය අද සිය ඉනිම අවසන් කළේ නියමිත පන්දුවාර 50 දී කඩුලූ 8ක් දැවී ලකුණු 239ක් ලබා ගනිමින්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලැබුණු ඉලක්කය ලකුණු 240ක්. කෙසේ වෙතත් ආරම්භයේදීම ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් ඇති කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ආරම්භක පිතිකරුවන් වූ කේ එල් රාහුල්, රෝහිත් ශර්මා සහ නායක් විරාත් කෝලී මේ වනවිටත් දැවී ගොස් අවසන්.

ඔවුන් තුන් දෙනාම ලබා ගත්තේ එක ලකුණ බැගින්. දිනේෂ් කාර්තික් සහ රාෂාබ් පාන්ට් නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා. ඉන්දියාව පන්දුවාර 13ක් අවසානයේ කඩුලූ 4ක් දැවී රැස්කර සිටින්නේ ලකුණු 38ක් පමණයි.