Monday, May 6, 2024

General line - 0115112241

ඉන්ධන මිල සමාලෝචනයට කමිටුව රැස්වෙයි

සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල සමාලෝචනය කිරීම සදහා අදාල කමිටුව මේ වනවිට රැුස්ව සිටිනවා. ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල සමාලෝචනය කිරීම සිදුවන්නේ සෑම මසකම 10 වනදායි. ලෝක වෙළද පොලේ මිල ගණන් සහ විනිමය අනුපාතය වැනි කරුණු මෙම මිල සූත‍්‍රයේදී සලකා බැලෙනවා. 

ඉකුත් මස 10 වනදා කෙරුණු සමාලෝචනයේදී ඔක්ටේන් 92ක වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමුණා. එහෙත් ඒ වනවිට ලෝක වෙළ`ද පොලේ ඉන්ධන මිල පැවතියේ පහළ වැටෙමින්. 
ජුනි මාසයට  සාපේක්ෂව ලෝක වෙළ`ද පොලේ ඉන්ධන මිල මේ වනවිට සුළු වැඩි වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද සිදු කෙරෙන සමාලෝචනයේදී ඉන්ධන මිල යළි වැඩිවිය හැකි බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීද මාධ්‍යවේදීන් මේ පිළිබද ප‍්‍රශ්න කළා. ඊට ප‍්‍රතිචාර දැක්වුවා පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා. 
 

ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්්ඩලය අතර ඇති වී තිබෙන ගැටුම පිළිබ`දව ද මෙහිදි අදහස් පළ කෙරුණා. පාර්ලිමේන්තු මන්තී අනුර පි‍්‍රයදර්ශන යාපා මෙම අදහස් පළ කලේ ඛණිජ තෙල් විෂයභාර හිටපු අමාත්‍යවරයෙකු ද ලෙසයි. 


ආර්ථික කඩා වැටීම් වලට හේතුව වැරදි ආර්ථික කළමණාකරනය බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.