Monday, May 6, 2024

General line - 0115112241

අගමැති සෝෆා ගිවිසුම එළියට දමයි

සමන්ත කුමාර/ඩිල්ෂාන් මඩවල




රටේ ස්වෛරීත්වයට හෝ පරමාධිපත්‍යට හානි වන කිසිදු යෝජනාවකට කිසි විටකත් එකග නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මතභේදයට ලක්ව ඇති සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. සෝෆා ගිවිසුම මගින් අමෙරිකාවට ලැබෙන බව කියන වරප‍්‍රසාද කිහිපයක් පිළිබද සහ මෙම ගිවිසුමට අදාලව ආණ්ඩුවේ ස්ථාවරය පිළිබද මන්තී‍්‍රවරයා මෙහිදී පැහැලිදි කිරීමක් ඉල්ලා සිටියා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පිළිතුරු ලබා දුන්නේ සෝෆා ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද කටයුතු කරමින්. 

සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් අය මතුකරන සැක සංකා ව්‍යාජ ඒවා බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදි කියා සිටියා. 
 


සාකච්ඡුාවලදී  ඉදිරිපත් වී ඇති එකග විය නොහැකි යෝජනා මොනවාදැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී වැඩිදුරටත් විමසා සිටියා. පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊටද ප‍්‍රතිචාර දැක්වූවා. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කෙරුණු ආණ්ඩු විරෝධි විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදය ද පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වුණා. මෙම විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව පරාජය කර පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ද ගෙන ඒම සිය අපේක්ෂාව බවයි  එහිදි අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ. 

ආණ්ඩුව වෙනුවෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම විවාදයට එක් වුණා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූවා.

විශ්වාසභංගය පිළිබද පාර්ලිමේන්තු විවාදය හෙටත් පැවැත්වෙනවා.