Monday, May 6, 2024

General line - 0115112241

ඉන්ධන මිල අඩු කරයි

ඩිල්ෂාන් මඩවල




මිල සූත‍්‍රයට අනුව සිදුකරන ලද සමාලෝචනය පරිදි ඉන්ධන මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට අඩුකර තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මිල අඩුකර ඇත්තේ ලීටරයක් රුපියල් 2කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 136ක් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 5 කින් අඩු කරන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක් ද සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් ද වනවා.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල මෙවර සංශෝධනය කර නැහැ.