Monday, May 6, 2024

General line - 0115112241

ධර්මසේන සමග උරණ වූ එංගලන්තයේ ජේසන් රෝයිට ICC යෙන් දඩ




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවැති අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණයකට අභියෝග කරමින් පිටියේ කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරුවෙකු කර තිබෙනවා. ජේසන් රෝයි වරද පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක්ද නියම කෙරුණු බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ. 

මෙම තරගයේදී කුමාර් ධර්මසේන ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා. ඔහු ලබාදුන් තීරණයක් සම්බන්දයෙනුයි ජේසන් රෝයි විරෝධය පළ කළේ. ජේසන් රෝයි ලකුණු 85ක් ලබා සිටියදී ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරමින් කුමර ධර්මසේන මෙම තීරණය ලබාදුන්නා. කඩුළු රකින්නා විසින් රැක ගත් උඩපන්දුවකින් ඔහු දැවී ගිය බවයි කුමාර ධර්මසේනගේ තීරණය වුණේ.

එහෙත්, පුනරූපන වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ එම පන්දුව කඩුළු රකින්නා විසින් රැක ගන්නේ පිත්තේ නොදැවටී බවයි. ජේසන් රෝයි පිටියෙන් ඉවත්වූයේ ද විනිසුරු තීරණයට විරෝධය පළ කරමින්.