Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ පළමු තරගය පරදියි

කසුන් කැලුම්




එංගලන්තයේ ලිවර් පූල්හි පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (12) පරාජයට පත් වුණා. ඒ සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 79ට 49ක් ලෙසයි. පළමු කාර්තුවේදී ලකුණු 19ට 14ක් ලෙස පෙරමුණ ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් දෙවන කාර්තුවේදී ලකුණු 19ට 15ක් ලෙස ජය ගත්තා.

තුන්වන කාර්තුවේදී ශ්‍රී ලාංකීක ක්‍රිඩිකාවන් තියුණු තරග රටාවක් පෙන්නුම් කළ අතර සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් එම කාර්තුව ජයගත්තේ ලකුණු 15 ට 13ක් ලෙසයි. සිව්වන කාර්තුව ලකුණු 26ට 07ක් ලෙස සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් පහසුවෙන් ජය ගනිමින් සිය පළමු ජය වාර්තා කළා. ශ්‍රී ලංකාව සහභාගී වන මීලග තරගය උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (13) පැවැත්වීමට නියමිතයි.