Monday, April 29, 2024

General line - 0115112241

අගමැති හා විපක්ෂ නායක අතර මැති සභයේ පැවැති සාකච්ඡාවක් ගැන ජවිපෙ සැකයෙන්

මහේෂ් චතුරංග




ආණ්ඩුවට එරෙහි ගෙනා ආ විශ්වාසභංග යෝජනාවක, විවාදයේදී අදහස් පළ නොකල පළමු විපක්ෂනායකවරයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාස ගතවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා අතර පාර්ලිමේන්තුවේ දෙවන මහලේදී මුණ ගැසී සාකච්ඡා කළේ කුමක් ද යන්න රටට හෙළිකල යුතු බවයි ඔහු මෙහිදි ප්‍රකාශ කළේ.