Monday, April 29, 2024

General line - 0115112241

"රක්නා ලංකා අවි අල් කයිඩා සංවිධානයට, මන්ත්‍රී ෆයිසර් මුස්තාෆාත් සම්බන්ධයයි" ඇවන්ට්ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හෙළිකරයි

හේමන්ත කහවලගේ




රක්නා ලංකා මෙහෙයුම් සිය ආයතනය වෙත භාරදීමට පෙර ආයතන 24 ක් හරහා විදෙස් රටවලට ගෙන ගිය අවිවලින් 14 ක් අදටත් අස්ථාන ගතව ඇති බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පවසනවා. තමන්ට ලැබී ඇති තොරතුරු අනුව එම අවි අයි එස් සහ අල් කයිඩා සංවිධානවලට ලැබී ඇති බවයි නිශ්ශංක සේනාධිපති අනාවරණ කළේ.

මෙම අවි ජාවාරම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාෆාටද චෝදනාවක් එල්ල කෙරුණා.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ සිට නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් නිශ්ශංක සේනාධිපති මෙම අදහස් පළ කළා.