Friday, May 10, 2024

General line - 0115112241

ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරයි

ලහිරු කපුගේ




ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කිසිඳු පුද්ගලයෙකුගේ තොරතුරු මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් නොකිරීම කෙරෙහි පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, තේරීම් කාරක සභාවට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ (13) පැවති මාධ්‍ය හමු කිහිපයකදී පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වුණා.

ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස ප‍්‍රකාශ කළේ් ආරක්ෂක අංශවලට සම්බන්ධ එවැනි පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසීමේදී එය මාධ්‍යට විවෘත කරනවාද? නැද්ද? යන්න මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ අතර රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා, පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් ද අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම ක්‍රියාවලියේදී රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ ප්‍රකාශය ඉතා වැදගත් වන බවයි.