Sunday, April 28, 2024

General line - 0115112241

අනාගත රැකියාවලට ගැලපෙන තරුණ තරුණයින් බිහි කළ යුතු බව අධ්‍යාපන ඇමති පෙන්වයි




තවත් වසර 20කින් පමණ දැනට තිබෙන රැකියා සියයට 60ක ප‍්‍රමාණයක් රැකියා ක්ෂේත‍්‍රයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක බුදුපුත් සුරක්ෂා හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අමතමින්. 

එහිදී "ඔබ අපි කරපු රැකියා නෙමෙයි තවත් අවුරුදු 20කින් අපේ දරුවන්ට කරන්න වෙන්නේ. අලුත්ම රැකියා නිර්මාණය වෙන්නේ. ඒවාවල නම්වත් හිතාගන්න බෑ. අපි හිතන්නැති රැකියා බිහිවෙයි. ඒ නිසා තමයි අපි ලෝකෙට ගැලපෙන තරුණ තරුණියන් පිරිසක් බිහි කරන්න උත්සහ කරන්නේ." යනුවෙන් සඳහන් කළා.

දරුවන්ට යහපත් අනාගතයක් ඇති කිරීමට හොඳම ආයෝජනය අධ්‍යාපනය බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.