Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක කුසලාන අවසන් තරගයට "පන්දුව" ගෙනා අරුම පුදුම ආකාරය (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තය සහ එංගලන්තය අතර දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා යොදා ගනු ලබන "පන්දුව" තරගය පැවැත්වෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

" Red Devils" නමින් හඳුන්වනු ලබන බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ පැරෂුට් සංදර්ශන කණ්ඩායමේ භටයින් විසින් ලෝක කුසලාන තරගයට යොදා ගනු ලබන පන්දුව ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියට රැගෙන ආවේ ගුවන් මාර්ගයෙනි. එසේ රැගෙන ආ පන්දුව තරගයේ සිව්වැනි විනිශ්චකරු වන අලීම් ඩාර් වෙත භාර දෙනු ලැබුවා.

" Red Devils" බලගණයේ නිලධාරීන් පිරිසක් ලන්ඩනයට ඉහල අහසේදී අවසන් තරගයට යොදා ගන්නා පන්දුවද රැගෙන පැරෂුට් ආධාරයෙන් ලෝර්ඩ් ක්‍රීඩා පිටියට පැමිණෙන විට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.