Sunday, May 5, 2024

General line - 0115112241

මම ජීවිත කාලය පුරාවට ඔහුගෙන් සමාව අයදිනවා : බෙන් ස්ටොක්ස් කියයි

දිනුක් හේවාවිතාරණ




ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්ත ඉණිමේ අවසන් පන්දු ඕවරයේ සිව්වැනි පන්දුවේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් නවසීලන්ත නායක කේන් විලියම්සන් ගෙන් දිවි ඇති තෙක් සමාව අයදින බව එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පවසනවා.

එංගලන්ත ඉණිමේ 50 වන පන්දු ඕවරයේ අවසන් පන්දු 03 තුලදී එංගලන්තයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 09ක් අවශ්‍යව තිබුනා. එම අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටි බෙන් ස්ටොක්ස් මිඩ් විකට් කලාපයට පන්දුව එල්ල කරමින් ලකුණු 02ක් ලබා ගැනීමට උත්සහ කළ අතර නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් කඩුලු රකින ක්‍රීඩකයා වෙත පන්දුව හතරේ සීමාව ආසන්නයේ සිට යොමු කරනු ලැබූ අතර එය බෙන් ස්ටොක්ස් ගේ ශරීරයේ වැදී හතරේ සීමාව පසුකර ගියා.

එම අවස්ථාවේදී විනිසුරු ලෙස කටයුතු කරනු ලැබූ කුමාර් ධර්මසේන ස්ටොක්ස් ගේ අගේ හතරේ සීමාව කරා පන්දුව යාම හේතුවෙන් එම අතිරේක ලකුණු 04ක්  ද ඇතුළුව ලකුණු 06ක් එංගලන්ත පිලට හිමිවූ බව දන්වා සිටියා.

ඉතා උණුසුම් තරගයක් බවට පත්වූ නවසීලන්ත සහ එංගලන්තය අතර අවසන් මහ තරගයේ තීරණයට එම ලකුණු 04 ගෙන දුන්නේ දැඩි බලපෑමක්. ඊට පෙර ඕවරයේදී බෙන් ස්ටොක්ස් විසින් එල්ල කරනු ලැබූ පහරක් නවසිලන්ත ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් උඩ පන්දුවක් ලෙස රැක ගත්තත් එය ඔහුට නොදැනුවත්ම හතරේ සීමාව ස්පර්ශ කිරීම හේතුවෙන් ලකුණු 06 ක් බවට පත්වුවා.

කෙසේ වුවත් ලකුණු සමවීම හේතුවෙන් සුපිරි ඕවරය දක්වා දිව ගිය තරගය එහිදී ද ලකුණු සමවිම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරනු ලැබූ කණ්ඩායම ලෙස එංගලන්තයට ලෝක කුසලානයේ පහස විදීමට ඉඩ සලසමින්ය. 

"මම කේන්ට කිව්වා මගේ ජිවිත කාලය පුරාම මම ඒ ගැන සමාව ඉල්ලනවා" තරගය අවසන් වීමෙන් පසු නවසීලන්ත නායක කේන් විලියම්සන් ගෙන් තමන් සමාව අයැද සිටි බව බෙන් ස්ටොක්ස් ප්‍රකාශ කර සිටියා.